පිය සෙනෙහස

FB_IMG_1504377748141.jpg

පිය සෙනෙහස @ කන්දේ විහාරය අළුත්ගම

තම පුංචි පුතුගේ අනාගතයට යහපතක් පතන්නට පැමිනි ආදරණීය පවුලක් දුටු මොහොතක මට දැනුන සිතිවිල්ලක්…😍😘✌️

පොදිබැදන් දහසක් සිතිවිලි…
ගුලි කරන් බාදක දුක් ගැනවිලි…
විදිමින් පුතුගේ හුරතල් සිනාසිලි…
අම්මා එනතුරු හිදී නොමැතිව මැසිවිලි…

සිගිති පුතු සුවසේ…
හිදී ඔහුගෙ ඇකයේ…
බෝ සමිදු සෙවනේ…
කන්දේ විහරයේ…

ආදරෙන් තුරුල් කර…
දුක් සුසුම් බැහැර කර…
ජීවිතේ හැගුම් බර…
උතුම් හැගුමකි පියෙකුගේ සෙනෙහස…😘😍

#Cracky_Pic #ClickByCracky #Cracky_Quote #Cracky

Featured post

මලට බඹරු වැඩි උනාට…

23130994_135078647147408_4185437939747297044_n.jpgබඹරුන්ට වැඩිවේවිද මල් යායකවත්… සිතන්න යමක් ආදරේට…❤️

නුඹ සැගවුනු ගුරු පාරේ…
මිහිදුමින් වැහුනු කදු යායේ…
සමනල්ලුන් වට වූ මල් යායේ…
නොවනු තවත් එක් මලක් සොදුරියේ…

බඹරු ඇවිත් ගිය පලියට…
මලේ සරු නැත සැමදාටම…

තෙමෙනු එපා පිනි වැස්සට…
මලකි නුඹත් ඉති අද්දර…

#Cracky with @Shankaultimate

වැට බැදපු ආදරේ…

වැට බැදපු ආදරෙ…
බුර්කාවෙන් මූණ වහන්…

ඇස් කොනෙන් බැලුවට…

උබේ මදහස…

හංගන් හිටියට…

උබට…

පන්සල් යන්න බෑ…

ෆාතිමා නංගීයේ…

මා එක්ක හවසට…
#Cracky with @Shankaultimate 

Cracky Tweeps

පාට කරපු හීන

නොලැබෙන සිහින ලග…

දකින ලස්සන පාට පොදි බැද…

පාට කරපු හීන අපි සැම…

බොදවී යන්නේ අපිටවත් නොකියම…
#Cracky

ගලිවර් හා ලිලිපුට්ටෙක්ගේ කතාව.

​දිය කඩිති වැට කඩුලු හමු වේවී සැරින් සැරේ…

ඔහු පසු කරන් යයි හැකි පමණින් හිමින් සැරේ….

අතේ පච්චයක් කොටපු ගලිවරයා…

කෙලි ලොලෙන් තම ජීවිතය ගෙවනා…

පසු කර යයි ලිලිපුට්ටන් මෙලෙසා…

නොදැන උන් කවුරුන්ද කියලා…
පාවි ආ දා වැල්ලට ගලිවරයා එදා…

එකතුවී පුරුදු ලෙස එකා මෙන් සැමදා…

පරාජය කලා ගලිවරයව සමගියේ බලය ලෝකයටම පෙන්නලා…
කියන එවුන් කොටා අගුටු මිට්ටා කියා…

මතක් කරනු කැමතී මේ කරුණු ටිකත් හොද හැටි මෙලෙසා…
ඔවුන්ගේ ඇති අඩුලුහුඬුකම් ටික අමතක කරලා…

උන් වැඩ කරයි රට දැය සමාජය තම වගකීම හා යුතුකම් ගැන හිතලා…
අත පය හතර හරියට ඇති ඔහෙලා…

කේලම් කියල අනුන්ට කෙනෙහිලි කම් කරලා…

කාලය කා දමයි FB වීරයන් වෙලා…
බලය තිබෙන කාලයට මිනිසුන්ට හරි හැටි සලකාලා…

හිත ඇතුලින්ම හිනාවකින් තම චරිතය සරසා…

පුලුවන්නම් වෙයන් ලස්සන මිනිසෙක් සැමදා…
#Cracky_Quote #Cracky #ShankaPic #ClickByShanka

​අපි දුටු ගංවතුර @ තුඩුගල || #ClickByCracky #FloodInfoSL #Team 


අහසේ වතුර වැඩි වෙලා…

පොලවේ බොහොම තෙත් කලා…

උහුල ගන්න බැරි වැස්සෙන් ඇල දොල ගං උතුරලා…
මිනිස්සු අසරණ වෙලා…

උන්ගෙ සිහින බොද වෙලා…

ගේ දොර අස්වනු වැනසී උන්ගේ දුක වැඩි වෙලා…
හිත හොද උන් සෙට් වෙලා…

මිනිස්සු ටික බේරලා..

කන්න බොන්න ටික දීලා සැප දුක හෙම විමසුවා….
අපි හැමෝම එක්වෙලා…

අඩුපාඩුව සොයා…

පුලු පුලුවන් ලෙස කලා…
හිමින් සැරේ කොදුරලා…

කියමු මෙසේ අදහසා…

පුලුවන්නම් එක් වෙලා…

කරමු උදව් මේ ලෙස සදා…
Selfie Photo නොම ගසා…

දැනමුතු කම් ටික අසා…

හරිදේ මෙය යයි සිතා…

අපි යුතුකම් ඉටු කලා…

Quote By #Cracky with @ Floodinfosl Team – 1st of June 2017

Powered by WordPress.com.

Up ↑